පුත සෝපාක ළඟ බලන්න එපා..

 පුත සෝපාක ළඟ බලන්න එපා දුර බලන්න’ යයි බුදුරජාණන් වහන්සේ විසින් සෝපාකට පැවසූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

කොරෝනා නව සාමාන්‍ය කරණ තත්වය යටතේ පාසැල් ආම්භ කිරීම ගැන කරුණු පැහැදිලි කරමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

පවතින තත්වය යටතේ පාසැල් ආරම්භ කිරීම ගැන ලග නොබලා දුර බලන්නැයිද පෙල්කම්වරයා ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ලේකම්වරයාගේ එකී ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවේචන එල්ල වෙයි.

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ එම ප්‍රකාශය දීඝිති කෝසල ජාතකයේ සිදු වන්නක් බවයි.

බෝසතානන් වහන්සේ දීඝතිස්ස රජුගේ පුතුන් ලෙස ඉපිද සිටි සමයක එම රජුට මරණ දණ්ඩණය දුන් අවස්ථාවේදී දීගතිස්ස රජු විසින් පුත් දීඝායූට දුන්නක් ලෙස සදහන් වෙයි.

අමාත්‍යංශ ලේකම්වරයාගේ ප‍්‍රකාශය වීඩියෝවේ 12 වැනි විනාඩියේදී නැරඹිය හැක.




Comments

Popular posts from this blog

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ